﻿1
00:00:34,656 --> 00:00:44,656
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

2
00:00:46,680 --> 00:00:49,796
සිරුරෙන් සිරුරට,
පරමාණුවේ සිට මුළු විශ්වය පුරාම,

3
00:00:49,879 --> 00:00:52,080
බලය හැමතැනම පැතිරේවා.

4
00:00:52,279 --> 00:00:54,626
ගුරු යනු භක්තියයි, ගුරු යනු කරුණාවයි,

5
00:00:54,760 --> 00:00:57,040
ගුරුන්ගෙන් මුළු අවකාශයම පිරේවා.

6
00:00:57,240 --> 00:00:59,740
සිරුරෙන් සිරුරට,
පරමාණුවේ සිට මුළු විශ්වය පුරාම,

7
00:00:59,920 --> 00:01:01,366
බලය හැමතැනම පැතිරේවා.

8
00:01:01,880 --> 00:01:05,880
ගුරු යනු භක්තියයි, ගුරු යනු කරුණාවයි,
ගුරුන්ගෙන් මුළු අවකාශයම පිරේවා.

9
00:01:29,559 --> 00:01:31,756
සිරුරෙන් සිරුරට,
පරමාණුවේ සිට මුළු විශ්වය පුරාම,

10
00:01:31,839 --> 00:01:33,316
බලය හැමතැනම පැතිරේවා.

11
00:01:33,399 --> 00:01:36,353
ගුරු යනු භක්තියයි, ගුරු යනු කරුණාවයි...

12
00:01:36,600 --> 00:01:39,119
බාප්ජි ඔයාටත් මන්ත්‍රය දුන්නද?

13
00:01:42,520 --> 00:01:45,639
සිරුරෙන් සිරුරට,
සහ පරමාණුවේ සිට...

14
00:01:45,880 --> 00:01:47,009
මුළු විශ්වය පුරාම,

15
00:01:47,479 --> 00:01:49,479
බලය හැමතැනම පැතිරේවා.

16
00:01:49,800 --> 00:01:52,080
ගුරු යනු භක්තියයි, ගුරු යනු කරුණාවයි,

17
00:01:52,396 --> 00:01:54,479
ගුරුන්ගෙන් මුළු අවකාශයම පිරේවා.

18
00:01:54,760 --> 00:01:57,308
ගුරු යනු භක්තියයි, ගුරු යනු කරුණාවයි,

19
00:01:57,400 --> 00:01:59,948
ගුරුන්ගෙන් මුළු අවකාශයම පිරේවා.

20
00:02:00,240 --> 00:02:01,988
WAR

21
00:02:50,880 --> 00:02:52,199
මෝඩ මූසලයා...

22
00:02:53,199 --> 00:02:54,759
වේසිගෙ පුතා!

23
00:02:55,040 --> 00:02:57,199
කතා කරපන්.
ආනන්ද් කොහෙද?

24
00:03:00,120 --> 00:03:03,239
කාලකණ්ණියා,
මම තොට ගහනවා...

25
00:03:03,600 --> 00:03:05,679
තොගේ ආත්මෙත් කතා කරනකම්ම.

26
00:03:07,760 --> 00:03:09,240
වේසිගෙ පුතා!

27
00:03:10,160 --> 00:03:11,218
කියපන්.

28
00:03:11,679 --> 00:03:12,957
ආනන්ද් කොහෙද?

29
00:03:13,246 --> 00:03:14,477
කතා කරපන් පරයා!

30
00:03:14,560 --> 00:03:15,863
උඹ යාග කරනවා නේද?

31
00:03:16,037 --> 00:03:17,197
ඒයි!

32
00:03:18,680 --> 00:03:19,840
උඹ යාග කරනවා නේද?

33
00:03:20,019 --> 00:03:23,579
උඩඟුකමේ...
මේ භෞතික ලෝකයේ.

34
00:03:23,680 --> 00:03:26,161
ජීවිතේ කියන්නේ නිකන්ම හුළඟක් විතරයි.

35
00:03:26,713 --> 00:03:28,429
වේසිගෙ පුතා!

36
00:03:28,480 --> 00:03:31,278
මෝඩයා, උඹ ඉන්නේ මාලිගාවක,

37
00:03:31,400 --> 00:03:33,517
පදින්නේ පට්ට ගණන් කාර්.

38
00:03:33,600 --> 00:03:36,250
පරයෝ, තොගේ රත්තරන් මාල,
තොගේ පයියට වඩා බරයි.

39
00:03:36,576 --> 00:03:40,336
උඹ ඔය මොන යාගයක් ගැනද
කතා කරන්නේ? ආ?

40
00:03:41,080 --> 00:03:42,880
ඇයි මේච්චර තරහ?

41
00:03:43,339 --> 00:03:46,119
ජීවිතේ කියන්නේ නිකන්ම හුළඟක් විතරයි?

42
00:03:46,280 --> 00:03:49,477
අපි තොගේ හුළං බස්සනවා පරයෝ.

43
00:03:49,640 --> 00:03:51,999
තොගේ අප්පා එන්නේ නෑ
තෝව බේරගන්න.

44
00:03:53,920 --> 00:03:54,960
වාඩි වෙයන්.

45
00:03:59,360 --> 00:04:01,640
උඹ මාව කොච්චර විශ්වාස කරනවද, විකාල්?

46
00:04:05,679 --> 00:04:07,800
මාළුවෙක් වතුර විශ්වාස කරනවා වගේ.

47
00:04:09,480 --> 00:04:12,810
මම උඹව කොච්චර විශ්වාස කරනවද
කියලා උඹ දන්නවද?

48
00:04:17,200 --> 00:04:19,359
කශ්‍යප් මගේ ලොකු පුතා නම්,

49
00:04:20,919 --> 00:04:22,560
උඹ මගේ පොඩි පුතා.

50
00:04:32,399 --> 00:04:35,080
උඹේ අවසාන පරීක්ෂණයට වෙලාව හරි,
විකාල්.

51
00:04:47,550 --> 00:04:48,628
ඌ කට ඇරියද?

52
00:04:49,640 --> 00:04:53,270
පැය 48ක් ගියා.
මූ එක වචනයක්වත් කිව්වේ නෑ.

53
00:04:57,080 --> 00:04:58,080
හරි.

54
00:05:09,919 --> 00:05:11,689
තමන්ගේම උරුමය ගිනි තියනකොට

55
00:05:11,760 --> 00:05:14,200
ගොඩක් රිදෙන්න ඇති නේද?

56
00:05:18,479 --> 00:05:19,760
මට එක දෙයක් කියන්න...

57
00:05:20,640 --> 00:05:22,479
පොලිසියෙන් ඔයාව හොයාගත්තේ කොහොමද?

58
00:05:23,640 --> 00:05:27,000
මොකද අපි ඔයාව හොයාගන්න තරම්
ඔයා මුකුත් කළේ නෑනේ.

59
00:05:27,159 --> 00:05:28,159
කළාද?

60
00:05:28,159 --> 00:05:29,199
නෑ නේද?

61
00:05:29,320 --> 00:05:30,332
එහෙනම්?

62
00:05:35,239 --> 00:05:36,919
පල... පලයන් අපායට.

63
00:05:39,680 --> 00:05:41,919
මෙයාට ගෙදර යන්න හරි හදිස්සියක් තිබ්බේ.

64
00:05:42,120 --> 00:05:43,863
"මට දැන්ම යන්න ඕනේ.
ලෑස්ති කරන්න

65
00:05:43,923 --> 00:05:45,671
"දැන්ම, නැත්නම් මමම එනවා."

66
00:05:45,799 --> 00:05:46,799
කවුරුහරි ආවද?

67
00:05:49,080 --> 00:05:50,280
කවුරුත් ආවේ නෑ.

68
00:05:52,320 --> 00:05:54,239
කාටවත් ගාණක්වත් තිබ්බේ නෑ.

69
00:05:56,440 --> 00:05:59,037
ඔයා ඔය අන්ධයෙක් වගේ
විශ්වාස කරන මිනිස්සු,

70
00:05:59,120 --> 00:06:02,839
ඔයාව බේරගන්න එයි කියලා හිතන මිනිස්සු,
ඒගොල්ලන්ව බේරගන්න කාර්යබහුල වෙලා.

71
00:06:03,919 --> 00:06:07,919
කාටවත් ඔයා ගැන ගාණක් නෑ,
කශ්‍යප් දෙවියනේ.

72
00:06:08,680 --> 00:06:09,680
අපායට පලයන්!

73
00:06:09,750 --> 00:06:13,080
උසාවියෙන් තමුසෙව යවන්නේ අපායට තමයි,
ඒකත් මුළු ජීවිත කාලෙටම.

74
00:06:21,440 --> 00:06:22,557
මට එක දෙයක් කියන්න.

75
00:06:22,640 --> 00:06:24,400
ඔයා මුර්ෂිඩාගේ වෙඩින් එකට ගියා නේද?

76
00:06:25,880 --> 00:06:26,880
ගියාද?

77
00:06:33,520 --> 00:06:35,320
මුර්ෂිඩාව අඳුරගන්න. යන්න.

78
00:06:41,960 --> 00:06:43,279
පළවෙනි කෙනා, නෑ.

79
00:06:44,000 --> 00:06:45,799
දෙවෙනි... නෑ.

80
00:06:56,120 --> 00:06:57,279
මෙයා එයාව අඳුරගත්තා.

81
00:06:57,960 --> 00:06:58,960
මරු.

82
00:07:01,599 --> 00:07:03,719
එහෙනම් කේතන්ව පෙනුමෙන් කොහොමද කියලත්
ඔයා දන්නවා ඇති.

83
00:07:04,279 --> 00:07:05,279
කියන්න.

84
00:07:09,440 --> 00:07:11,080
මේ අයගෙන් කවුද කේතන්?

85
00:07:16,039 --> 00:07:17,200
මට පෙන්නන්න.

86
00:07:20,640 --> 00:07:21,839
මම පෙන්නන්නේ නෑ.

87
00:07:24,599 --> 00:07:27,320
ඔයා කරන්නේ නැද්ද නැත්නම් බැරිද?

88
00:07:31,399 --> 00:07:34,239
සබුරියට ප්‍රශ්නයක් ආවාම,
ඔයාලා බිලි දෙනවා නේද?

89
00:07:34,719 --> 00:07:37,636
මේ පාර, ඔයාගේ තාත්තා
ලොකු අමාරුවක වැටිලා,

90
00:07:37,719 --> 00:07:40,120
බිලි වෙන්නේ ඔයාවයි.

91
00:07:42,996 --> 00:07:44,080
ඔව් ඔයාව!

92
00:07:44,560 --> 00:07:46,359
සාන්තුවරයෙක්ට අත තියන්න තරම්
තොපිට හයියක්.

93
00:08:07,612 --> 00:08:08,620
ඒයි!

94
00:08:10,320 --> 00:08:11,760
නැගිටින්න, කශ්‍යප්.

95
00:08:13,919 --> 00:08:17,239
නැගිටින්න, කශ්‍යප් දෙවියනේ.
නඩු විභාගයට වෙලාව හරි.

96
00:08:18,000 --> 00:08:19,000
නැගිටින්න.

97
00:08:20,479 --> 00:08:21,440
කශ්‍යප්?

98
00:08:21,599 --> 00:08:22,719
කශ්‍යප්...

99
00:08:23,279 --> 00:08:24,279
මගුලයි.

100
00:08:32,560 --> 00:08:33,599
ඔව්, කියන්න.

101
00:08:37,640 --> 00:08:38,640
මොකක්

102
00:08:39,839 --> 00:08:42,717
- කොහොමද ඒක වුණේ, සර්?
- අපිට උත්තර ඕනේ.

103
00:08:42,800 --> 00:08:44,597
- පොඩ්ඩක් ඉන්න.
- කශ්‍යප් මැරුණේ කොහොමද?

104
00:08:44,680 --> 00:08:47,357
ඒක අත්අඩංගුවේදී කරපු වදදීමක්ද?
නැත්නම් ඝාතනයක්ද?

105
00:08:47,440 --> 00:08:48,400
අපිට කියන්න.

106
00:08:48,400 --> 00:08:51,480
අපි මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට
යවලා තියෙන්නේ.

107
00:08:51,839 --> 00:08:54,316
වාර්තා එනකම් අපිට මේ ගැන

108
00:08:54,400 --> 00:08:56,090
කිසිම ප්‍රකාශයක් කරන්න බෑ.

109
00:08:56,200 --> 00:08:58,150
බන්ධනාගාර නියාමකට එරෙහිව
පියවරක් ගත්තද?

110
00:08:58,210 --> 00:09:00,239
බන්ධනාගාර නියාමකව
වැඩ තහනම් කරලා තියෙන්නේ.

111
00:09:00,519 --> 00:09:02,440
තවත් කොස්තාපල්වරු තුන්දෙනෙක් එක්කම.

112
00:09:03,320 --> 00:09:06,800
ස්ථානාධිපති සන්තෝෂ් සිංට එරෙහිවත්
පරීක්ෂණයක් නියම කරලා තියෙනවා.

113
00:09:07,400 --> 00:09:08,400
ස්තූතියි.

114
00:09:28,479 --> 00:09:30,359
මේක කශ්‍යප්ගේ අවසානය නෙවෙයි.

115
00:09:31,719 --> 00:09:33,080
එයා සදාකාලික වුණා.

116
00:09:36,719 --> 00:09:40,119
මිනිස්සුන්ගේ නීති අන්ධ වෙන්න පුළුවන්.

117
00:09:41,359 --> 00:09:43,599
ඒත් අපි විශ්වාස කරන නීති හදපු කෙනා,

118
00:09:45,719 --> 00:09:46,999
හැමදේම බලාගෙන ඉන්නේ.

119
00:09:52,359 --> 00:09:55,719
වෙලාව ආවාම,
උන්වහන්සේත් යුක්තිය ඉටු කරයි.

120
00:10:00,680 --> 00:10:03,359
ඉදිරි දින 14ට
ආශ්‍රමය වහලා තියෙන්නේ.

121
00:10:04,999 --> 00:10:07,999
කිසිම කෙනෙක්ට ඇතුළට එන්නවත්
පිටවෙන්නවත් බෑ.

122
00:10:09,839 --> 00:10:12,626
අපි ඔක්කොම එකතුවෙලා යාඥා කරමු

123
00:10:12,760 --> 00:10:15,355
අපේ ආදරණීය කශ්‍යප්ගේ ආත්මය වෙනුවෙන්.

124
00:10:34,560 --> 00:10:36,280
ඉක්මන් කරන්න.
කාර් එක ඇවිත්.

125
00:11:06,160 --> 00:11:09,200
සියලු යක්ෂයින් විනාශ කරන
දෙවඟන...

126
00:11:12,566 --> 00:11:13,645
මොකද වුණේ?

127
00:11:20,160 --> 00:11:23,800
බොරු දෙවියෙක් නිසා, ඔයා
ඇත්තම දෙවියන්ට පිටුපානවද?

128
00:11:31,839 --> 00:11:32,839
එන්න පුතේ.

129
00:11:33,800 --> 00:11:34,800
අපි යමු.

130
00:12:37,200 --> 00:12:39,359
ස්වාමීනි,
මගේ සේවාදායකයාට ඉල්ලීමක් තියෙනවා.

131
00:12:40,440 --> 00:12:43,040
නඩුව පටන්ගන්න කලින්, එයාට
ප්‍රකාශයක් කරන්න ඕනෙලු.

132
00:12:43,639 --> 00:12:44,639
අවසර දෙනවා.

133
00:12:44,800 --> 00:12:45,680
ස්තූතියි.

134
00:12:45,760 --> 00:12:46,642
බාප්ජි...

135
00:13:05,560 --> 00:13:08,080
ඔබට සිදුවූ පාඩුව ගැන
මම ගොඩක් කණගාටු වෙනවා.

136
00:13:10,320 --> 00:13:11,746
අපිට තේරෙනවා

137
00:13:11,840 --> 00:13:14,789
අද දවස ඔබට කොච්චර
අමාරු දවසක්ද කියලා.

138
00:13:16,879 --> 00:13:18,239
ඔබට ඕනෙනම්...

139
00:13:18,800 --> 00:13:21,200
අපිට අද නඩු විභාගය කල් දාන්න පුළුවන්.

140
00:13:23,639 --> 00:13:26,839
ඇත්ත නිහඬ වුණාම,

141
00:13:27,999 --> 00:13:29,719
බොරුවේ සද්දෙ වැඩි වෙනවා.

142
00:13:31,479 --> 00:13:34,239
ඒ නිසයි මම කතා කරන්න ඕනේ,
ඒකත් අදම වෙන්න ඕනේ.

143
00:13:37,479 --> 00:13:40,200
මගේ තරුණ පුතාගේ චිතකය
තාමත් පිච්චෙනවා.

144
00:13:41,320 --> 00:13:42,506
එයා පරිත්‍යාගයක් කළා...

145
00:13:46,519 --> 00:13:48,599
තමන්ගේ තාත්තාව බේරගන්න නෙවෙයි,

146
00:13:49,440 --> 00:13:51,920
සත්‍යයේ සහ යුක්තියේ කොඩිය
ඉහළින්ම තියන්න.

147
00:13:54,960 --> 00:13:56,960
ඉතින් ඒක මගේත් යුතුකමක්

148
00:13:57,759 --> 00:14:00,200
එයාගේ චිතකයේ ගින්න
නිවිලා යන්න කලින්,

149
00:14:00,759 --> 00:14:02,855
මගේ පාපයන් මම පාපොච්චාරණය කරන්න ඕනේ

150
00:14:03,353 --> 00:14:05,440
මේ යුක්තියේ දෙවොල ඇතුළේ.

151
00:14:11,359 --> 00:14:12,359
නිශ්ශබ්ද වෙන්න!

152
00:14:15,239 --> 00:14:16,639
ඔබට දිගටම කතා කරන්න පුළුවන්.

153
00:14:18,960 --> 00:14:21,160
සල්ලි තියෙන අය මාව
සල්ලි වලින් නම්මා ගන්න හැදුවා,

154
00:14:22,519 --> 00:14:24,080
දේශපාලඥයින් ටෙන්ඩර් වලින් හැදුවා,

155
00:14:24,759 --> 00:14:26,839
ආණ්ඩු උසස් තනතුරු වලින් හැදුවා,

156
00:14:27,040 --> 00:14:29,359
පොලිසිය... බලයෙන් හැදුවා.

157
00:14:31,280 --> 00:14:34,360
ඒත් මම සත පහක්වත් ගත්තේ නෑ

158
00:14:34,480 --> 00:14:37,360
ඒගොල්ලන්ගේ දූෂිත ව්‍යාපාර වලින්.

159
00:14:40,719 --> 00:14:41,719
මොකද...

160
00:14:42,800 --> 00:14:45,400
බොරු නැලවිලි ගීත අහලා
නිදාගන්නවාට වඩා

161
00:14:47,440 --> 00:14:49,839
සත්‍යයේ කෑගැසීම් අහලා
අවදියෙන් ඉන්න එක හොඳයි.

162
00:14:53,800 --> 00:14:57,320
මට එරෙහිව එක සාක්ෂි කෑල්ලක්වත්
පොලිසිය ගාව නෑ.

163
00:14:58,320 --> 00:15:01,680
ඒත් එයාලා බලහත්කාරයෙන්
මාව අත්අඩංගුවට ගත්තා. ඇයි?

164
00:15:03,599 --> 00:15:05,916
අත්අඩංගුවට ගත්තට පස්සෙත්,
එයාලට කිසිම සාක්ෂියක් හම්බවුණේ නෑ,

165
00:15:05,999 --> 00:15:08,800
ඒත් එයාලා මාව කූඩුවට දැම්මා. ඇයි?

166
00:15:10,759 --> 00:15:14,276
මගේ වැරදි ඔප්පු කරන්න තියෙන
උවමනාවටම,

167
00:15:14,359 --> 00:15:17,560
එයාලා මගේ තරුණ පුතාව
මගෙන් උදුරගත්තා.

168
00:15:18,759 --> 00:15:19,759
ඇයි?

169
00:15:22,400 --> 00:15:23,519
මොකද...

170
00:15:24,560 --> 00:15:28,403
එයාලා මුලින්ම චෝදනා කරලා,
ඊට පස්සෙයි සාක්ෂි හෙව්වේ.

171
00:15:35,999 --> 00:15:37,759
මට හැමදේම නැති වුණා.

172
00:15:39,160 --> 00:15:43,156
මම හිරගෙදර හිටියත්, අපායේ හිටියත්
දැන් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

173
00:15:46,519 --> 00:15:48,719
ඒ නිසයි මට කිසිම නිදහසට කරුණක්
කියන්න ඕනෙ නැත්තේ.

174
00:15:49,680 --> 00:15:52,880
මට ගරු අධිකරණයෙන්
අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි,

175
00:15:54,359 --> 00:15:57,759
මේ වාර්තාකරුවන්ගෙන්
සහ මේ මිනිස්සුන්ගෙන්.

176
00:15:58,759 --> 00:16:02,440
ඔබ හිටියේ මගේ තැන නම්,

177
00:16:04,160 --> 00:16:06,583
ඔබේ පුතාව හිරේ දැම්මා නම්

178
00:16:06,680 --> 00:16:09,840
ඔබෙන් පළිගන්න කියලා
එයාව මැරුවා නම්,

179
00:16:10,920 --> 00:16:13,599
ඔබව ගෞරවනීය විදිහට නිදහස් කරන ගමන්,

180
00:16:15,280 --> 00:16:20,280
ඔබ ඒ ගෞරවයෙන් සහ නිදහසෙන්
මොනවද කරන්නේ?

181
00:16:29,320 --> 00:16:31,886
තමන්ගේ දරුවාගේ අළු වලින්,

182
00:16:31,953 --> 00:16:34,240
කවුරුත් හෝලි සමරන්නේ නෑ.

183
00:16:37,200 --> 00:16:38,560
විනිසුරු තුමියනි...

184
00:16:39,239 --> 00:16:40,920
තමන්ගේ දරුවාගේ අළු වලින් කවුරුත් හෝලි...

185
00:16:51,280 --> 00:16:52,516
එයා කියන්න හැදුවේ,

186
00:16:52,599 --> 00:16:55,263
අපි අපේම දරුවාගේ අළු වලින්
හෝලි සමරන්නේ නෑ කියලා.

187
00:16:55,603 --> 00:16:58,636
ඒත් අනුන්ගේ දරුවන්ගේ
අළු වලින් නම්,

188
00:16:58,719 --> 00:17:01,586
තමුන්ගේ කාමාශාවන් සංසිඳුවා ගන්න,
ඕනෑම උත්සවයක් සමරන්න පුළුවන්.

189
00:17:01,720 --> 00:17:03,440
විරුද්ධයි ස්වාමීනි!

190
00:17:04,440 --> 00:17:06,039
මේ මොන වගේ කතාවක්ද?

191
00:17:06,559 --> 00:17:09,476
මෙයා මගේ සේවාදායකයාට
හරිම අමානුෂික විදිහටයි කතා කරන්නේ ස්වාමීනි.

192
00:17:09,559 --> 00:17:10,719
විරෝධතාවය පිළිගන්නවා.

193
00:17:11,239 --> 00:17:15,349
මිස්ටර් භාලේරාඕ, මගේ උසාවියේ මේ වගේ
සංවේදී නැති කතා කියන එක නවත්තන්න.

194
00:17:15,600 --> 00:17:19,523
ස්වාමීනි, මම මිස්ටර් චකෝසිට
සම්පූර්ණයෙන්ම අනුකම්පා කරනවා.

195
00:17:21,039 --> 00:17:23,149
ඔහුගේ මේ ඛේදනීය තත්වය සලකලා,

196
00:17:23,240 --> 00:17:25,747
අද නඩු විභාගය කල් දාන්නයි තිබ්බේ.

197
00:17:25,960 --> 00:17:27,200
ඒත් එහෙම කළේ නෑ.

198
00:17:28,519 --> 00:17:30,759
මොකද විත්ති පාර්ශ්වය තීරණය කරලා තියෙනවා

199
00:17:30,880 --> 00:17:32,913
මේ අනුකම්පාවේ රැල්ලෙන් වාසි ගන්න.

200
00:17:34,759 --> 00:17:37,956
ඉතින්, මිස්ටර් සුනිල් චකෝසි,
ඒ කියන්නේ බාප්ජි,

201
00:17:38,039 --> 00:17:40,600
හදන්නේ තමන්ගේ පුතාගේ මරණෙන්
වාසියක් ගන්න--

202
00:17:40,720 --> 00:17:42,760
විරුද්ධයි ස්වාමීනි.
මේක උපකල්පනයක්.

203
00:17:42,840 --> 00:17:44,612
පිළිගන්නවා. මිස්ටර් භාලේරාඕ,

204
00:17:44,680 --> 00:17:47,560
ඔබට අමතක වෙලා
ඔබ ඉන්නේ උසාවියේ කියලා.

205
00:17:47,680 --> 00:17:48,916
ඔබ මට මතක් කරපු එක හොඳයි.

206
00:17:48,999 --> 00:17:51,306
මොකද මටත් දැනෙන්න ගත්තා

207
00:17:51,750 --> 00:17:53,640
මම ඉන්නේ කශ්‍යප් චකෝසිගේ
මතක වස්ත්‍ර දානෙකද කියලා.

208
00:17:53,719 --> 00:17:55,239
මිස්ටර් භාලේරාඕ!

209
00:17:55,559 --> 00:17:56,759
සමාවෙන්න ස්වාමීනි.

210
00:18:00,279 --> 00:18:01,279
ස්වාමීනි...

211
00:18:02,600 --> 00:18:05,840
අපේ රටේ, හැම විනාඩි 16කට සැරයක්ම
ස්ත්‍රී දූෂණයක් වෙනවා.

212
00:18:08,319 --> 00:18:11,039
අපි මේක වෙන විදිහකට කියමු.

213
00:18:11,519 --> 00:18:14,120
ඔයා පරිප්පු ටිකක්
ළිපේ තිබ්බොත්,

214
00:18:15,279 --> 00:18:18,160
ඒ පරිප්පු ටික තැම්බෙන්න කලින්,
ස්ත්‍රී දූෂණයක් වෙලා ඉවරයි.

215
00:18:20,520 --> 00:18:23,879
ඔයාට පරිප්පුයි, බතුයි, එළවළු ටිකකුයි
උයන්න ඕනේ නම්,

216
00:18:23,960 --> 00:18:27,960
ඔයාගේ රෑ කෑම එක ලෑස්ති වෙනකොට
ස්ත්‍රී දූෂණ හතරක්ම වෙලා ඉවරයි.

217
00:18:30,279 --> 00:18:31,319
හැමදාම.

218
00:18:36,120 --> 00:18:38,160
මේ අපරාධය අපේ රටේ
කොච්චර සාමාන්‍ය දෙයක්ද කියනවා නම්.

219
00:18:40,519 --> 00:18:43,759
තමන්ගේ පුතාගේ මරණය ගැන
සුනිල් චකෝසිට තියෙන දුක සාධාරණයි,

220
00:18:45,400 --> 00:18:48,519
ඒත් ඔහුට විරුද්ධව තියෙන බරපතල චෝදනාත්
ඒ වගේම සාධාරණයි.

221
00:18:50,039 --> 00:18:53,640
මේ දෙක පටලවන්න හදන
ඕනෑම උත්සාහයක්ම කපටිකමක්.

222
00:18:53,759 --> 00:18:55,636
උසාවිය නොමග යවන්න කරන උත්සාහයක්.

223
00:18:55,719 --> 00:18:59,160
විරුද්ධයි ස්වාමීනි.
මේ මොන වගේ හැසිරීමක්ද?

224
00:19:00,559 --> 00:19:02,840
ඒක මගේ වැරැද්ද වෙන්න ඇති ස්වාමීනි.

225
00:19:04,279 --> 00:19:06,155
මම පැමිණිලි පාර්ශ්වයෙන්

226
00:19:06,240 --> 00:19:09,022
කිසිම සංවේදීකමක්
බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.

227
00:19:10,640 --> 00:19:14,239
මම ඇත්තටම හිතුවා
තමන්ගේ තාත්තා නැති වුණාට පස්සේ...

228
00:19:15,319 --> 00:19:18,120
මෙයාට පොඩි හරි අනුකම්පාවක් එයි කියලා.

229
00:19:19,840 --> 00:19:23,039
ඒත් අද මෙයාගේ හැසිරීම දැක්කාම,

230
00:19:23,719 --> 00:19:26,680
මට කණගාටුයි කියන්න, ඒක පැහැදිලියි,
මෙයාට කිසිම ගාණක් නෑ කියලා.

231
00:19:29,680 --> 00:19:32,160
මගේ බුද්ධිමත් මිත්‍රයා කියන කතාව සම්පූර්ණ ඇත්ත.

232
00:19:35,279 --> 00:19:37,600
මට දුක ගැන කිසිම අවබෝධයක් නෑ.

233
00:19:40,559 --> 00:19:42,840
ඒ නිසා, මම අද
හරස් ප්‍රශ්න ඇසීම කරන්නේ නෑ.

234
00:19:51,319 --> 00:19:54,719
කශ්‍යප්ව මරපු කෙනාට හිරගෙදර ඇතුළෙන්
උදව් ලැබිලා තියෙනවා.

235
00:19:55,559 --> 00:19:57,079
එයා එක පාරක්වත් උඩ බැලුවේ නෑ,

236
00:19:57,640 --> 00:20:00,719
ඒ නිසා CCTV වලින් එයාව
අඳුරගන්න එක අමාරුයි.

237
00:20:01,360 --> 00:20:03,999
ජස්ලීන්, අපිට හිටපු
ප්‍රධානම සාක්ෂිකරුවෙක් නැති වුණා.

238
00:20:04,360 --> 00:20:07,600
අපි අනිත් සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාවත්
දැන්ම වැඩි කරන්න ඕනේ.

239
00:20:08,640 --> 00:20:10,319
එයාලා ඉන්න තැන් මං ගාව නෑ.

240
00:20:11,079 --> 00:20:12,600
ඔයා කිව්ව එක හරි.

241
00:20:13,319 --> 00:20:16,600
කශ්‍යප්ට මුර්ෂිඩාව අඳුරගන්න පුළුවන් වුණාට
කේතන්ව අඳුරගන්න බැරි වුණා.

242
00:20:17,079 --> 00:20:20,039
අනික කශ්‍යප් සාක්ෂි දුන්නා
වෙඩින් එකට ගියා කියලා.

243
00:20:20,680 --> 00:20:22,640
ඔව්. මොකක්හරි අවුලක් තියෙනවා.

244
00:20:23,080 --> 00:20:26,800
අපරාධය වුණු දවසේ සුනිල් චකෝසිගේ
කාමරේට ආවේ වෙන කවුද?

245
00:20:27,239 --> 00:20:31,559
නීතිඥයෝ කීපදෙනෙකුයි,
ඉඩම් බ්‍රෝකර් කෙනෙක් වුණු නරේන් කට්‍යාල්.

246
00:20:31,999 --> 00:20:34,400
අපි එයාලගේ පසුබිම හෙව්වා.
එයාලා සාමාන්‍ය මිනිස්සු.

247
00:20:34,920 --> 00:20:36,947
ඉතින්, එක්කෝ කශ්‍යප්
වෙඩින් එකට ගියා කියලා

248
00:20:36,972 --> 00:20:39,326
බොරුවක් කිව්වා,

249
00:20:39,480 --> 00:20:43,020
නැත්නම් එයා සුනිල් චකෝසිට අනතුරක් වෙන
දෙයක් දැනගෙන හිටියා.

250
00:20:44,239 --> 00:20:45,799
මම හිතන්නේ ඒ දෙකම.

251
00:20:59,160 --> 00:21:01,916
හලෝ, සුබ සන්ධ්‍යාවක්.
මම සුධීර්.

252
00:21:01,999 --> 00:21:03,676
මම නම්‍රතා.

253
00:21:03,759 --> 00:21:05,797
අපේ ලොකුම වගකීම තමයි

254
00:21:05,880 --> 00:21:08,996
කිසිම කලබලයක්, නාඩගමක් නැතුව
ප්‍රවෘත්ති ගෙනෙන එක--

255
00:21:09,079 --> 00:21:11,757
...කිසිම පක්ෂපාතීකමක්
හෝ න්‍යාය පත්‍රයක් නැතුව--

256
00:21:11,840 --> 00:21:14,716
...පක්ෂපාතී අදහසක් හෝ
න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙනියන්නේ නැතුව--

257
00:21:14,799 --> 00:21:17,799
අපේ ආයතනය ගොඩනගලා තියෙන
මේ සත්‍ය සහ අපක්ෂපාතී වාර්තාකරණයේ

258
00:21:17,960 --> 00:21:20,716
ප්‍රමිතිය ගැන අපි ආඩම්බර වෙනවා.

259
00:21:20,799 --> 00:21:24,676
ඒත් බාප්ජිට එරෙහිව පතුරවන
මේ කතාන්දරය

260
00:21:24,759 --> 00:21:26,959
වගකීමෙන් තොර,
එක පාර්ශ්වයකට බර වුණු

261
00:21:27,040 --> 00:21:29,080
සහ ගොතපු කතා වීම
කණගාටුවට කරුණක්.

262
00:21:29,160 --> 00:21:31,317
බාප්ජිව කොටු කරන්න
ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා

263
00:21:31,400 --> 00:21:32,797
දැන් එන්න එන්නම පැහැදිලි වෙනවා.

264
00:21:32,880 --> 00:21:33,956
බාප්ජිව කොටු කරන්න.

265
00:21:34,039 --> 00:21:37,007
මේ බොරු ස්ත්‍රී දූෂණ චෝදනා

266
00:21:37,080 --> 00:21:40,048
බාප්ජිට එරෙහිව කරන කුමන්ත්‍රණයක්.

267
00:21:40,319 --> 00:21:42,716
බාප්ජිව විනාශ කරන්න ගත්ත උත්සාහය
අසාර්ථක වුණා...

268
00:21:42,799 --> 00:21:46,476
ඉතින් එයාලට මුකුත් ඔප්පු කරගන්න බැරි වුණාම,
එයාලා ලේසියෙන්ම...

269
00:21:46,559 --> 00:21:50,236
කිසිම පදනමක් නැතුව
කශ්‍යප් චකෝසිව අත්අඩංගුවට ගත්තා.

270
00:21:50,319 --> 00:21:53,519
අහිංසක කශ්‍යප් චකෝසිට වහ දීලා--

271
00:21:53,680 --> 00:21:54,680
වහ දීලා මරලා...

272
00:21:54,680 --> 00:21:57,757
එයාට වහ දීලා මරලා තියෙනවා.

273
00:21:57,840 --> 00:22:00,037
බොරු ප්‍රවෘත්ති කියන දේ
සමාජ මාධ්‍යවල හරිම සාමාන්‍ය දෙයක්.

274
00:22:00,120 --> 00:22:02,117
ඒත් මේ පාර,
සමහර ප්‍රවෘත්ති නාලිකාවලටත් ඕනෙ වෙලා

275
00:22:02,200 --> 00:22:04,636
බාප්ජිගේ කීර්ති නාමය
විනාශ කරලා දාන්න

276
00:22:04,719 --> 00:22:08,597
බොරු ප්‍රවෘත්ති
පරම සත්‍ය විදිහට පතුරවලා.

277
00:22:08,680 --> 00:22:10,916
මේක අපේ සමාජයට
ගොඩක් භයානකයි.

278
00:22:10,999 --> 00:22:12,357
අපේ සමාජයට...

279
00:22:12,440 --> 00:22:14,236
මේක ගොඩක් භයානකයි.

280
00:22:14,319 --> 00:22:17,719
මේක අපේ සමාජයට
ගොඩක් භයානකයි.

281
00:22:17,999 --> 00:22:21,279
මේක අපේ රටට
ගොඩක් භයානකයි.

282
00:22:27,080 --> 00:22:28,160
ආශා...

283
00:22:28,960 --> 00:22:29,960
වෙලාව හරි.

284
00:22:36,533 --> 00:22:39,053
ඔයා ඇයි එකපාරටම
මේ ඉන්ටර්විව් එක දෙන්න තීරණය කළේ?

285
00:22:46,320 --> 00:22:49,360
"පේන විදිහට පීඩනය පෝෂණය වෙන්නේ
නිශ්ශබ්දතාවයෙන්.

286
00:22:51,208 --> 00:22:53,248
"එහි ජීවය සහ මරණය අතර
වෙනසක් ඇති කරන්න

287
00:22:54,165 --> 00:22:55,784
"එක හඬක් විතරයි අවශ්‍ය වෙන්නේ."

288
00:22:58,287 --> 00:23:00,408
මම මේ කවිය කියවලා විතරයි තියෙන්නේ,

289
00:23:02,120 --> 00:23:04,080
ඒත් ඔයයි මීනුයි ඒක ජීවත් කරවනවා.

290
00:23:09,658 --> 00:23:10,698
ලෑස්තිද?

291
00:23:16,280 --> 00:23:18,159
මගේ නම ආශා.

292
00:23:23,960 --> 00:23:25,280
මාත්...

293
00:23:26,639 --> 00:23:28,839
මහාෂේර්ණි පාසලේ
ශිෂ්‍යාවක් වෙලා හිටියා.

294
00:23:35,919 --> 00:23:38,480
සුනිල් චකෝසි මාවත් දූෂණය කළා.

295
00:23:40,760 --> 00:23:43,040
සුනිල් චකෝසි කියන්නේ ස්ත්‍රී දූෂකයෙක්.

296
00:23:44,599 --> 00:23:46,966
මම දන්නවා මම වගේ
තවත් ගොඩක් ගෑනු ළමයි ඉන්නවා,

297
00:23:47,523 --> 00:23:49,090
මේ වගේම දේකට
මුහුණ දීපු.

298
00:23:51,599 --> 00:23:54,427
මම එයාලගෙන් ඉල්ලනවා නිශ්ශබ්දතාවය බිඳලා

299
00:23:56,280 --> 00:23:58,887
අපේ සමාජය විනාශ කරන
මේ ලෙඩේට එරෙහිව

300
00:23:59,000 --> 00:24:01,080
කතා කරන්න කියලා.

301
00:24:03,760 --> 00:24:05,465
මම මීනු.

302
00:24:14,080 --> 00:24:15,756
ස්වාමීනි, මුල ඉඳන්ම,

303
00:24:15,839 --> 00:24:19,103
මේ නඩුව මගේ සේවාදායකයාට මඩ ගහන්න කරපු
කුමන්ත්‍රණයක් විතරයි.

304
00:24:19,679 --> 00:24:22,720
වින්දිතයාගේ පියා අටවපු උගුලක්

305
00:24:23,199 --> 00:24:25,080
බාප්ජිගෙන් කප්පම් ගන්න

306
00:24:25,520 --> 00:24:29,760
මොකද සල්ලි හොරකම් කරපු නිසා
එයාව ආශ්‍රමයෙන් එළවලා දැම්මා.

307
00:24:31,399 --> 00:24:32,639
මේක ඔප්පු කරන්න,

308
00:24:33,599 --> 00:24:36,639
විත්ති පාර්ශ්වය ඉල්ලා සිටිනවා ඉන්ස්පෙක්ටර්
මාලවියාට සාක්ෂි කූඩුවට එන්න කියලා.

309
00:24:47,720 --> 00:24:51,356
ඉන්ස්පෙක්ටර් මාලවියා,
ඔයාට තහවුරු කරන්න පුළුවන්ද

310
00:24:51,439 --> 00:24:54,270
2016 ජනවාරි 18 වෙනිදා,

311
00:24:54,600 --> 00:24:57,240
ඔයා ධරම්පාල්ගේ ගබඩාව වැටලුවා කියලා?

312
00:24:58,080 --> 00:24:59,359
ඔව්, මම කළා.

313
00:24:59,919 --> 00:25:01,199
ඔයා මොනවද අත්අඩංගුවට ගත්තේ?

314
00:25:02,240 --> 00:25:03,420
රුපියල් ලක්ෂ 10ක්.

315
00:25:07,000 --> 00:25:08,159
රුපියල් ලක්ෂ 10ක්.

316
00:25:08,839 --> 00:25:12,080
ඔයා හෙව්වද ඒ සල්ලි කාගෙද,
කොහෙන්ද ආවේ කියලා?

317
00:25:13,000 --> 00:25:15,637
2016 ජනවාරි 17 වෙනිදා,

318
00:25:15,720 --> 00:25:18,800
සුනිල් රාතී කියන කෙනෙක්
අපිට ඒ සල්ලි ගැන ඔත්තුවක් දුන්නා.

319
00:25:20,000 --> 00:25:22,717
ඊටපස්සේ, අපි පරීක්ෂණ පටන් ගත්තා, ඒත්...

320
00:25:22,800 --> 00:25:25,599
අපේ ප්‍රධානියා... අපිව නැවැත්තුවා.

321
00:25:28,439 --> 00:25:30,560
ඔයාගේ ප්‍රධානියා ඔයාව නැවැත්තුවා?
ඒ කවුද?

322
00:25:31,520 --> 00:25:33,320
ACP ජස්ලීන් සිං සෝයින්.

323
00:25:35,879 --> 00:25:38,320
ACP ජස්ලීන් සිං සෝයින්.

324
00:25:41,480 --> 00:25:42,679
ස්වාමීනි...

325
00:25:44,480 --> 00:25:47,480
2015 නොවැම්බර් 2 වෙනිදා,

326
00:25:47,760 --> 00:25:50,276
සබුරි එකෙන් රුපියල් ලක්ෂ 10ක් නැති වුණා.

327
00:25:50,359 --> 00:25:52,199
මේ තියෙන්නේ නිල පොලිස් වාර්තාව.

328
00:25:53,280 --> 00:25:56,080
දැන්, මෙතනින් තමයි කතාව රසවත් වෙන්නේ.

329
00:25:57,679 --> 00:26:00,356
නොවැම්බර් මාසේ
සබුරි එකෙන් ලක්ෂ 10ක් නැති වුණා.

330
00:26:00,696 --> 00:26:04,237
නොවැම්බර් 3 වෙනිදා,
මේ හොරකම ගැන දැනගත්තාම,

331
00:26:04,320 --> 00:26:05,877
එයාව සබුරි එකෙන් එළවලා දැම්මා.

332
00:26:05,960 --> 00:26:09,268
ඊටපස්සේ, නොවැම්බර් 5 වෙනිදා,
එයා තීරණය කළා

333
00:26:09,943 --> 00:26:12,668
තමන්ගේ දුවව පාවිච්චි කරලා පළිගන්න

334
00:26:13,280 --> 00:26:17,000
බාප්ජිට විරුද්ධව
ස්ත්‍රී දූෂණ පැමිණිල්ලක් දාන්න.

335
00:26:19,679 --> 00:26:22,000
මාස දෙකකට පස්සේ, ජනවාරි මාසේ,

336
00:26:22,399 --> 00:26:25,439
ධරම්පාල්ගේ ගබඩාවෙන්
රුපියල් ලක්ෂ 10ක් හම්බවුණා.

337
00:26:25,919 --> 00:26:28,000
පැහැදිලියි එයා තමයි හොරා කියලා.

338
00:26:29,359 --> 00:26:32,717
අපිට මේ හොරකම ගැන
හොයාගන්න තිබ්බා

339
00:26:32,800 --> 00:26:36,316
ACP ජස්ලීන් මේ සල්ලි ගැන
පරීක්ෂණයක් කළා නම්.

340
00:26:36,399 --> 00:26:41,639
ඒත් එයා එහෙම කළේ නෑ,
ඒ වෙනුවට ඇත්ත යටපත් කරන්න හැදුවා.

341
00:26:42,760 --> 00:26:43,960
ඇයි?

342
00:26:44,720 --> 00:26:45,919
ඇයි, ස්වාමීනි?

343
00:26:47,879 --> 00:26:49,877
මම උසාවියෙන් ඉල්ලා සිටිනවා

344
00:26:49,960 --> 00:26:52,510
මේ සල්ලි ගැන පරීක්ෂණයක් කරන්න කියලා.

345
00:26:53,110 --> 00:26:56,720
ඒ එක්කම,
ACP ජස්ලීන් ගැනත් පරීක්ෂණයක් කරන්න.

346
00:26:57,040 --> 00:26:59,839
ඇයි එයා ධරම්පාල්ව බේරගන්න හදන්නේ
කියලා තේරුම් ගන්න.

347
00:27:02,359 --> 00:27:03,399
සමහරවිට...

348
00:27:04,199 --> 00:27:05,853
ACP ජස්ලීනුත් සම්බන්ධද

349
00:27:05,960 --> 00:27:07,840
මේ හොරකමට, මේ සල්ලි වලට,
මොකක්හරි විදිහකින්?

350
00:27:11,919 --> 00:27:13,199
එච්චරයි ස්වාමීනි.

351
00:27:21,080 --> 00:27:23,480
- ඉන්ස්පෙක්ටර් මාලවියා...
- ඔව්.

352
00:27:25,839 --> 00:27:29,320
හොරකම ගැන පැමිණිලි කළේ
ස්ත්‍රී දූෂණය වෙලා මාසෙකට පස්සේ.

353
00:27:30,159 --> 00:27:33,040
ඔයා එයාලගෙන් අහන්න ඇතිනේ,
ඇයි පැමිණිල්ල දාන්න පරක්කු වුණේ කියලා?

354
00:27:34,359 --> 00:27:36,879
- නෑ... මම ඇහුවේ නෑ.
- ඔයා ඇහුවේ නෑ?

355
00:27:38,679 --> 00:27:39,839
කමක් නෑ.

356
00:27:40,240 --> 00:27:41,160
මේ කාලය ඇතුළත,

357
00:27:41,199 --> 00:27:44,800
ධරම්පාල්ට විරුද්ධව කප්පම් ගැනීම් ගැන
පැමිණිලි වැටිලා ඇති නේද?

358
00:27:46,119 --> 00:27:47,080
නෑ.

359
00:27:49,439 --> 00:27:51,957
කොහොම වුණත්, සුනිල් රාතී
එයාගේ ප්‍රකාශයේ කියලා තියෙනවා

360
00:27:52,040 --> 00:27:54,080
එයා පොලිසියට ගියේ

361
00:27:54,663 --> 00:27:57,240
ප්‍රවෘත්ති වලින් මීනුගේ නම
ඇහුවට පස්සේ කියලා.

362
00:28:00,480 --> 00:28:01,420
ඔව්.

363
00:28:03,679 --> 00:28:04,865
ස්වාමීනි...

364
00:28:05,280 --> 00:28:07,599
දණ්ඩ නීති සංග්‍රහයේ 228A වගන්තියට අනුව,

365
00:28:07,760 --> 00:28:10,210
ස්ත්‍රී දූෂණයකට ලක්වුණු කෙනෙක්ගේ නමක්
හෝ වෙනත් විස්තරයක්

366
00:28:10,320 --> 00:28:12,400
එයාගේ අනන්‍යතාවය හෙළිවෙන විදිහට
පාවිච්චි කරන එක

367
00:28:12,520 --> 00:28:14,320
සම්පූර්ණයෙන්ම තහනම්.

368
00:28:15,760 --> 00:28:19,080
ප්‍රවෘත්ති වල වින්දිතයාගේ නම
කොහෙවත් සඳහන් වුණේ නෑ.

369
00:28:20,119 --> 00:28:23,480
ඉතින්, ප්‍රශ්නයක් මතු වෙනවා,
මාලවියා...

370
00:28:24,159 --> 00:28:28,080
සුනිල් රාතී කොහොමද ප්‍රවෘත්ති වලින්
වින්දිතයාගේ නම ඇහුවේ?

371
00:28:31,000 --> 00:28:32,800
නැත්නම් සමහරවිට
පොලිස් නිලධාරියෙක් එයාට කිව්වද?

372
00:28:35,839 --> 00:28:38,800
ඔයාගේ මූණෙන් පේනවා
ඔයා ගාව උත්තරයක් නෑ කියලා.

373
00:28:39,919 --> 00:28:42,399
කමක් නෑ.
ඔයාට දැන් ගිහින් විවේක ගන්න පුළුවන්.

374
00:28:53,080 --> 00:28:54,159
ස්වාමීනි...

375
00:28:54,679 --> 00:28:57,556
ධරම්පාල් තමයි හොරා කියලා
එයාලා කලින්ම දැනගෙන හිටියා නම්

376
00:28:57,639 --> 00:29:00,040
අනික එයා එයාලගෙන් කප්පම් ගන්න
හදනවා කියලත් දැනගෙන හිටියා නම්,

377
00:29:00,240 --> 00:29:01,760
ඇයි එයාලා පොලිසියට ගියේ නැත්තේ?

378
00:29:01,960 --> 00:29:04,268
එයාලගේ කුඩේ හිල් ගොඩක් තියෙනවා,

379
00:29:04,360 --> 00:29:07,065
ඒකෙන් අව්වවත් බේරගන්න බෑ,
වැස්ස ගැන කවර කතාද.

380
00:29:07,160 --> 00:29:08,960
බාධා කරනවාට සමාවෙන්න, ස්වාමීනි,

381
00:29:09,040 --> 00:29:11,796
ඒත් තාමත් එක දෙයක් තියෙනවා,
පැහැදිලි කිරීමක් නැති.

382
00:29:11,879 --> 00:29:15,080
ධරම්පාල්ගේ ගබඩාවේ තිබ්බ ලක්ෂ 10
ආවේ කොහෙන්ද?

383
00:29:24,800 --> 00:29:29,000
ස්වාමීනි, මම ධරම්පාල් රාවත්ව
සාක්ෂි කූඩුවට කැඳවනවා.

384
00:29:48,960 --> 00:29:50,520
ධරම්පාල්...

385
00:29:50,760 --> 00:29:55,320
අපි දන්නවා ඔයාගේ පවුල
ගොඩක් අමාරු කාලයක් ගත කරන්නේ කියලා.

386
00:29:57,720 --> 00:30:00,240
ඒත් ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම ඕනේ.

387
00:30:01,800 --> 00:30:05,599
ඔයාට කොහෙන්ද
ලක්ෂ 10ක සල්ලි හම්බවුණේ?

388
00:30:11,679 --> 00:30:13,199
මට ගෙවීමක් ලැබුණා.

389
00:30:14,280 --> 00:30:15,280
මොනවටද?

390
00:30:19,920 --> 00:30:23,733
මගේ බිස්නස් එකේදී, අපිට නිතරම
ප්‍රාන්ත සීමාව පනින්න වෙනවා.

391
00:30:26,240 --> 00:30:28,621
මම ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා

392
00:30:28,760 --> 00:30:31,636
සේවාදායකයෙක් වෙනුවෙන්
දෙයක් ප්‍රවාහනය කළා.

393
00:30:32,599 --> 00:30:33,630
මොනවද?

394
00:30:42,920 --> 00:30:43,920
අබිං.

395
00:30:49,159 --> 00:30:52,000
- ඔයා මේ කියන දේ ඔයාට තේරෙනවද?
- ඔව්.

396
00:30:53,560 --> 00:30:55,679
ඒත් මම සබුරි එකෙන් සල්ලි හොරකම් කළේ නෑ.

397
00:30:56,240 --> 00:30:59,080
අනික මම කරපු කිසිම දෙයක්
සම්බන්ධ නෑ

398
00:30:59,160 --> 00:31:01,148
මගේ දුවගේ ස්ත්‍රී දූෂණයට.

399
00:31:05,040 --> 00:31:06,760
අපේ වැඩ ඔක්කොම නැවතිලා තිබ්බේ.

400
00:31:06,919 --> 00:31:09,917
යාළුවෝ, පවුලේ අය, අසල්වැසියෝ
අපිත් එක්ක කතා කරන එක නැවැත්තුවා--

401
00:31:10,000 --> 00:31:12,556
විරුද්ධයි, ස්වාමීනි.
මේකේ තියෙන අදාළත්වය මොකක්ද?

402
00:31:12,639 --> 00:31:13,639
විරෝධතාවය ප්‍රතික්ෂේප කරනවා.

403
00:31:17,679 --> 00:31:19,800
අපිට ජීවත් වෙන්න වෙන විදිහක් තිබ්බේ නෑ.

404
00:31:22,000 --> 00:31:24,199
මම වෙන මොනවා කරන්නද?

405
00:31:26,760 --> 00:31:28,839
කොයිම හරි තාත්තා කෙනෙක්...

406
00:31:29,159 --> 00:31:32,159
අපායේ දොරටු ඇරලා දීලා තියෙනවද

407
00:31:32,240 --> 00:31:34,842
තමන්ගේම දුවට?

408
00:31:39,480 --> 00:31:40,720
මම එහෙම කළා.

409
00:31:41,800 --> 00:31:43,040
ඔව්, මම කළා.

410
00:31:44,560 --> 00:31:47,199
මීනු පොඩි කාලේ...

411
00:31:49,320 --> 00:31:54,119
මමමයි එයාව මහාෂේර්ණි ඉස්කෝලෙට දැම්මේ.

412
00:31:54,679 --> 00:31:56,284
අනික මම එයාට කිව්වා,

413
00:31:56,400 --> 00:32:00,052
"පුතේ, මේ මනුස්සයා, බාප්ජි...
එයා දෙවියෙක්.

414
00:32:01,520 --> 00:32:04,280
"එයාට වඳින්න, එයාට ගරු කරන්න."

415
00:32:05,800 --> 00:32:07,879
මම දැනගෙන හිටියේ නෑ
එයා යක්ෂයෙක් කියලා!

416
00:32:09,879 --> 00:32:12,568
මගේ පවුලේ අයයි මමයි
හැමදේම අතහැරියා

417
00:32:12,640 --> 00:32:15,329
අපේ දෙවියා කියලා හිතාගෙන එයා වෙනුවෙන්.

418
00:32:15,632 --> 00:32:16,749
හැමදේම.

419
00:32:16,839 --> 00:32:18,639
ඒ වෙනුවට එයා මට මොනවද දුන්නේ?

420
00:32:21,879 --> 00:32:25,455
මට දැන් මගේ දුවගේ මූණවත්
බලන්න බෑ.

421
00:32:32,760 --> 00:32:34,119
මට දැනෙන්නේ...

422
00:32:34,720 --> 00:32:36,080
නිකන්...

423
00:32:37,359 --> 00:32:38,394
මම...

424
00:32:39,280 --> 00:32:40,919
මමම එයාව දූෂණය කළා වගේ!

425
00:32:45,320 --> 00:32:49,320
ඒත් මගේ වැරදි නිසා
මගේ දුවගේ දූෂණය හරි වෙන්නේ නෑ!

426
00:32:56,879 --> 00:32:58,280
නිලධාරිතුමා...

427
00:32:59,879 --> 00:33:01,639
මේ මනුස්සයාව අත්අඩංගුවට ගන්න.

428
00:33:16,199 --> 00:33:20,800
ධරම්පාල් රාවත් විවෘත අධිකරණයේදී
එයාගේ වරද පිළිගත්තා.

429
00:33:21,639 --> 00:33:24,406
උසාවිය පොලිසියට නියෝග කරනවා එයාව

430
00:33:24,886 --> 00:33:26,760
අත්අඩංගුවට අරන්
මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා.

431
00:33:32,839 --> 00:33:35,040
විවේකයෙන් පස්සේ නඩු විභාගය
ආයෙත් පටන් ගන්නවා.

432
00:33:46,760 --> 00:33:50,000
මීනුයි වෛශාලියි ගැන බයවෙන්න එපා.
එයාලා මගේ වගකීමක්.

433
00:34:03,560 --> 00:34:04,477
හලෝ?

434
00:34:04,560 --> 00:34:06,076
මගේ නම විදුෂි.

435
00:34:06,159 --> 00:34:08,639
මාත් මහාෂේර්ණි ඉස්කෝලේ
ළමයෙක් වෙලා හිටියා.

436
00:34:09,480 --> 00:34:13,080
මටත් බාප්ජි ගැන
ඔයත් එක්ක කතා කරන්න ඕනේ.

437
00:34:13,759 --> 00:34:16,080
එයා මාත් එක්කත් බලහත්කාරකම් කළා.

438
00:34:16,840 --> 00:34:19,319
- මේ කතා කරන්නේ අමිතාබ් සිංහාද?
- ඔව්, ඔව්.

439
00:34:19,679 --> 00:34:21,397
- මගේ නම සුනීතා--
- ඔව්...

440
00:34:21,480 --> 00:34:22,757
- මම සුමන්.
- ඔව්...

441
00:34:22,840 --> 00:34:24,036
මම ගීතාංජලී...

442
00:34:24,119 --> 00:34:25,397
මගේ නම විශාඛා.

443
00:34:25,480 --> 00:34:26,357
මම රාජ්ශ්‍රී.

444
00:34:26,440 --> 00:34:28,757
ඔයත් මහාෂේර්ණි ඉස්කෝලෙටද ගියේ?

445
00:34:28,840 --> 00:34:30,196
මගේ නම රජ්නි...

446
00:34:30,279 --> 00:34:31,960
බාප්ජි බලහත්කාරයෙන්...

447
00:34:32,440 --> 00:34:34,000
මගේ නම රෝහිණි--

448
00:34:34,360 --> 00:34:35,960
මම සමේධිකා.

449
00:34:36,440 --> 00:34:40,196
අවුරුදු ගාණකට කලින්,
මාත් මහාෂේර්ණි ඉස්කෝලේ ළමයෙක්.

450
00:34:40,279 --> 00:34:41,239
හරි, ඔව්.

451
00:34:44,239 --> 00:34:46,076
මම පැනලා යන්න
ගොඩක් උත්සාහ කළා...

452
00:34:46,159 --> 00:34:47,877
බාප්ජි හැදුවා මාව...

453
00:34:47,960 --> 00:34:50,596
එළියට බහිද්දී
මට කරකැවිල්ල වගේ ආවා...

454
00:34:50,679 --> 00:34:52,596
අදටත්,
මම එයාට බයයි.

455
00:34:52,679 --> 00:34:55,716
බාප්ජි කියන්නේ ලෝකෙට පෙන්නන කෙනා
නෙවෙයි.

456
00:34:55,799 --> 00:34:58,040
ඒ රසකැවිලි වල මොකක්හරි අවුලක් තිබ්බා.

457
00:35:03,199 --> 00:35:04,199
සුබ දහවලක්.

458
00:35:04,719 --> 00:35:05,920
මම අමිතාබ් සිංහා.

459
00:35:07,599 --> 00:35:11,080
අපරාධය සහ යුක්තිය අතර
තාප්පයක් තියෙනවා.

460
00:35:11,759 --> 00:35:12,799
ඒක තමයි නිහඬතාවය.

461
00:35:13,279 --> 00:35:16,437
අද, මීනු සහ ආශා පෙන්නපු
ධෛර්යයෙන් පන්නරය ලබලා,

462
00:35:16,520 --> 00:35:21,639
රට පුරාම ඉන්න කාන්තාවන්
මේ නිහඬතාවයේ තාප්ප කඩලා දාලා තියෙනවා.

463
00:35:22,119 --> 00:35:24,156
හැමතැනම ඉන්න කාන්තාවන්
තමන්ගේ හඬ අවදි කරනවා.

464
00:35:24,239 --> 00:35:26,345
මීනුයි ආශයි පත්තු කරපු ඒ ගිනි පුපුර

465
00:35:26,440 --> 00:35:28,431
දැන් ලොකු කැරැල්ලක් බවට පත්වෙලා.

466
00:35:28,520 --> 00:35:30,872
අන්තර්ජාලය පුරාම පැතිරුණාට පස්සේ,

467
00:35:30,960 --> 00:35:33,024
ඒක දැන් මුළු සමාජය පුරාම පැතිරෙනවා.

468
00:35:33,360 --> 00:35:37,480
අපි නිහඬව හිටියොත්, ලෝකය කවදාවත්
ඇත්ත දැනගන්න එකක් නෑ.

469
00:35:37,920 --> 00:35:40,373
මම දන්නවා මම වගේ
තවත් ගොඩක් ගෑනු ළමයි ඉන්නවා,

470
00:35:40,876 --> 00:35:42,480
මේ වගේම දේකට
මුහුණ දීපු.

471
00:35:43,040 --> 00:35:46,040
මම එයාලගෙන් ඉල්ලනවා
නිශ්ශබ්දතාවය බිඳින්න කියලා.

472
00:35:49,599 --> 00:35:50,960
ACP ජස්ලීන්?

473
00:35:51,119 --> 00:35:53,440
මම උෂා රාජන්.

474
00:35:53,840 --> 00:35:56,080
මම ලෑස්තියි ඔයාට හැමදේම කියන්න.

475
00:36:46,480 --> 00:36:48,720
ACP ජස්ලීන්,
මේ ඔයාගේ පළවෙනි නඩුවද?

476
00:36:49,012 --> 00:36:50,252
ඔව්.

477
00:36:51,639 --> 00:36:53,716
ඔයා කවදාහරි හිතුවද ඔයාගේ පළවෙනි නඩුව

478
00:36:53,799 --> 00:36:56,159
ඔයාගේ වෘත්තීය ජීවිතයේ ලොකුම එක
වෙයි කියලා?

479
00:36:56,320 --> 00:36:58,679
- මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තා විතරයි.
- හරි.

480
00:36:59,440 --> 00:37:00,920
ඔයාගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තා විතරයි.

481
00:37:02,360 --> 00:37:05,920
ඒක වෙන්න ඇති
ඔයා මේ තරම් වැරදි කරන්නේ.

482
00:37:06,560 --> 00:37:09,317
ඒ කියන්නේ, මීනු රාවත්ව දූෂණය කරලා තියෙනවා

483
00:37:09,400 --> 00:37:12,200
විනාඩි 45ක් තිස්සේ.

484
00:37:14,159 --> 00:37:16,076
ඉතින්, කෝ ඒ විස්තර ඔක්කොම?

485
00:37:16,159 --> 00:37:19,679
සාක්ෂි, අධිකරණ වෛද්‍ය වාර්තා,
විද්‍යාගාර පරීක්ෂණ...

486
00:37:19,960 --> 00:37:23,040
ලේ, ශුක්‍රාණු, නියපොතු, සම...

487
00:37:23,360 --> 00:37:25,679
කෝ මේවායේ විද්‍යාගාර පරීක්ෂණ වාර්තා?

488
00:37:27,560 --> 00:37:29,680
වින්දිතයාගේ ඇඟේ කිසිම දෙයක් තිබ්බේ නෑ.

489
00:37:29,920 --> 00:37:33,119
හරි, වින්දිතයාගේ ඇඟේ මුකුත් නෑ.
ඒත් අපරාධය වුණු තැන?

490
00:37:33,560 --> 00:37:34,881
කෝ ඒ වාර්තා?

491
00:37:35,639 --> 00:37:38,239
අපි අපරාධය වුණු තැන
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කළේ නෑ.

492
00:37:41,480 --> 00:37:42,601
ඇයි?

493
00:37:43,440 --> 00:37:46,239
මේ වගේ බරපතල කාරණයකදී...

494
00:37:46,799 --> 00:37:50,236
අපරාධය වුණු තැන පරීක්ෂා කරන එක
නීතියක් නෙවෙයිද?

495
00:37:50,806 --> 00:37:52,725
- ඇත්තටම, අපි--
- නෑ, මට ඉවර කරන්න දෙන්න.

496
00:37:54,560 --> 00:37:57,840
ඉතින්, වින්දිතයාගේ ඇඟෙන්
කිසිම දෙයක් හම්බවුණේ නෑ.

497
00:37:58,360 --> 00:38:01,560
අනික අපරාධය වුණු තැන
කිසිම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කළෙත් නෑ.

498
00:38:02,119 --> 00:38:04,159
එහෙනම් ඔයා මොන පදනමකින්ද
පැමිණිල්ල (FIR) දැම්මේ?

499
00:38:08,560 --> 00:38:12,157
අනික පැමිණිල්ල දැම්මට පස්සේ,
ඔයා ඔයාගේ කණ්ඩායමත් එක්ක ගිහින්,

500
00:38:12,240 --> 00:38:14,896
ගොඩක් ජීවිත අනතුරේ දාලා,

501
00:38:15,496 --> 00:38:17,600
මේ වගේ ලොකු අත්අඩංගුවට ගැනීමක් කළා.

502
00:38:18,160 --> 00:38:19,921
සම්පූර්ණ බොලිවුඩ් ස්ටයිල් එකට.

503
00:38:20,640 --> 00:38:21,921
ඒ කියන්නේ...

504
00:38:22,401 --> 00:38:23,918
ඔයා මොකක්ද හිතන්නේ?

505
00:38:24,001 --> 00:38:27,077
ඔයාගේ පොලිසිය කියන්නේ බොලිවුඩ් ෆිල්ම් එකක් කියලද,

506
00:38:27,160 --> 00:38:29,677
අනික ඔයා ඒකේ වීරවරිය කියලද?
ඔයා එහෙමද හිතන්නේ?

507
00:38:29,760 --> 00:38:30,841
විරුද්ධයි!

508
00:38:31,041 --> 00:38:34,278
ස්වාමීනි, පොලිස් නිලධාරියෙකුට
මේ වගේ භාෂාවක්...

509
00:38:34,361 --> 00:38:35,238
විරෝධතාවය පිළිගන්නවා.

510
00:38:35,321 --> 00:38:37,200
මිස්ටර් වේද් ප්‍රකාශ්, පරිස්සමින්.

511
00:38:37,521 --> 00:38:40,560
මට සමාවෙන්න ස්වාමීනි, මම සමාව ඉල්ලනවා.
ඒත්...

512
00:38:40,961 --> 00:38:42,677
මගේ නිහතමානී අදහසට අනුව,

513
00:38:42,760 --> 00:38:46,041
මේ ආධුනික නිලධාරිනිය කරලා තියෙන්නේ
එක පාර්ශ්වයකට බර වුණු පරීක්ෂණයක්.

514
00:38:46,801 --> 00:38:51,480
ඒ නිසයි කිසිම නීතියක් හෝ ක්‍රියාපටිපාටියක්
අනුගමනය කරලා නැත්තේ.

515
00:38:51,680 --> 00:38:54,410
ඇත්තටම, මම විශ්වාස කරනවා
මීනු රාවත්ව

516
00:38:54,520 --> 00:38:57,040
පැමිණිලි පාර්ශ්වය විසින්
පුහුණු කරලා තියෙනවා කියලා.

517
00:38:58,120 --> 00:39:01,240
ඒ නිසයි එයා ඒ කාමරේ ගැන
මේ තරම් දේවල් දන්නේ.

518
00:39:02,401 --> 00:39:04,958
ස්වාමීනි,
මට මේක කියන්න කණගාටුයි, ඒත්...

519
00:39:05,041 --> 00:39:08,481
මේ ගෑනු ළමයා ඇත්තටම
මේ තරම් දෙයක් වින්දා නම්

520
00:39:09,640 --> 00:39:12,680
එයාට පුළුවන් වෙයිද
මේ තරම් නිවැරදිව සාක්ෂි දෙන්න?

521
00:39:12,841 --> 00:39:14,961
වින්දිතයාගේ සාක්ෂිය මේ තරම් නිවැරදි වෙලා තියෙන්නේ,

522
00:39:15,280 --> 00:39:17,800
මොකද අමාරුම දේ තමයි
දූෂණයක් අමතක කරන එක,

523
00:39:18,493 --> 00:39:19,613
ඒක මතක තියාගන්න එක නෙවෙයි.

524
00:39:19,753 --> 00:39:22,318
මිස්ටර් භාලේරාඕ, ඔයාගේ වාරය එනකම්
කතා කරන්න එපා.

525
00:39:22,401 --> 00:39:26,321
පැමිණිල්ලේ පැහැදිලිවම සඳහන් වෙනවා
චූදිතයා තමන්ගේ ඇඟිලි පාවිච්චි කළා කියලා.

526
00:39:26,841 --> 00:39:29,521
වින්දිතයා කොහෙවත් ලේ හෝ ශුක්‍රාණු ගැන
සඳහන් කරලත් නෑ.

527
00:39:30,401 --> 00:39:31,401
ස්වාමීනි...

528
00:39:31,720 --> 00:39:33,358
මේ අපරාධයේ ස්වභාවය ගොඩක් වෙනස්.

529
00:39:33,441 --> 00:39:36,401
මෙතන පාවිච්චි කරලා තියෙන්නේ
ශාරීරික බලපෑමක් නෙවෙයි, මානසික බලපෑමක්.

530
00:39:36,801 --> 00:39:38,758
අනික එතන මොකක්හරි සාක්ෂියක් තිබ්බා නම්,

531
00:39:38,841 --> 00:39:41,838
චූදිතයාම වින්දිතයාව නාවලා

532
00:39:41,960 --> 00:39:43,799
සහ අපරාධය වුණු තැන සුද්ද කරලා
ඒවා විනාශ කරලා තියෙනවා.

533
00:39:46,001 --> 00:39:47,160
ACP සෝයින්...

534
00:39:47,801 --> 00:39:51,521
ඒක තීරණය කරන්න ඕනේ
පරීක්ෂණ නිලධාරියා නෙවෙයි

535
00:39:52,160 --> 00:39:55,280
නීතිරීති අනුගමනය කරනවද නැද්ද කියලා.

536
00:39:57,720 --> 00:40:00,441
ඔයා තීරණ ගැනීමේදී වැරැද්දක් කරලා තියෙනවා.

537
00:40:02,160 --> 00:40:03,481
ඔයා වැරැද්දක් කරලා තියෙනවා.

538
00:40:04,401 --> 00:40:05,961
ඇත්තටම ඒක ගොඩක් මූලික වැරැද්දක්.

539
00:40:14,441 --> 00:40:17,801
ACP සෝයින්, කරුණාකරලා ඔයාට යන්න පුළුවන්.

540
00:40:21,160 --> 00:40:24,640
නඩු විභාගය ආයෙත් පටන් ගන්නේ
2017 ජූලි 28 වෙනිදා,

541
00:40:24,881 --> 00:40:27,640
පැමිණිලි පාර්ශ්වයේ
සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමත් එක්ක.

542
00:40:33,481 --> 00:40:34,841
ඔයාට හොඳයි නේද?

543
00:40:36,720 --> 00:40:37,881
පැරෝල් එක ගැන මොනවාහරි ආරංචියක් තියෙනවද?

544
00:40:41,001 --> 00:40:43,041
ජස්සි, අනේ! ඉන්න!

545
00:40:49,560 --> 00:40:52,521
ඔයා ඉපදුණු දවසෙම මම දැනගෙන හිටියා...

546
00:40:52,801 --> 00:40:55,640
ඔයාට මට වඩා ගොඩක් ලොකු දේවල්
කරන්න පුළුවන් කියලා.

547
00:40:56,080 --> 00:40:57,280
දැන් ඔයා දිහා බලන්න.

548
00:40:57,640 --> 00:41:00,760
ඔයා අර දෙවියෙක් වගේ ඉන්න
මනුස්සයාව අල්ලගත්තා...

549
00:41:01,200 --> 00:41:02,640
ලක්ෂ ගාණක් මිනිස්සු වඳින.

550
00:41:03,680 --> 00:41:05,600
මම මෙතන කුණු වෙවී ඉද්දි.

551
00:41:06,881 --> 00:41:10,760
මම හිරේ නැති වුණාට ඒකෙන් අදහස් වෙන්නේ නෑ
මම නිදහස් කියලා.

552
00:41:10,961 --> 00:41:12,921
ඔයා දැන් ගොඩක් ලොකු ඔෆිසර් කෙනෙක්

553
00:41:13,120 --> 00:41:16,120
ඒත් තමන්ගේ අයියට සමාව දෙන්න තරම් ලොකු නැද්ද?

554
00:41:17,240 --> 00:41:18,160
සමාව?

555
00:41:18,200 --> 00:41:21,040
මම මේ අවුරුදු නමයක් විඳවපු එක
ඔයාට මදිද?

556
00:41:21,200 --> 00:41:23,041
මම ඔයත් එක්ක විඳවන්නේ නැද්ද?

557
00:41:23,801 --> 00:41:26,041
මම ඔයා වෙනුවෙන් පෙනී ඉන්නේ නැද්ද?

558
00:41:26,280 --> 00:41:30,117
මම නඩුවෙ වැඩ කරන්න ඕනෙ වෙලාවෙත්
දැන් ඉන්නේ මෙතන.

559
00:41:30,200 --> 00:41:32,600
අනික ඔයා මේ නඩුව දින්නොත්,
හැමදේම හරි යයිද?

560
00:41:36,120 --> 00:41:38,200
මම හදන්නේ මීනුව බේරගන්න

561
00:41:39,259 --> 00:41:41,240
මොකද මට
අපේ තාත්තාව බේරගන්න බැරි වුණු නිසා.

562
00:41:42,560 --> 00:41:44,503
මම යුක්තිය වෙනුවෙන් සටන් කරනවා

563
00:41:44,596 --> 00:41:47,290
මොකද අසාධාරණය කොහොමද කියලා
මම දන්න නිසා.

564
00:41:47,640 --> 00:41:50,360
ඒත් ඔයාට ඔයාගේ අයියා වෙනුවෙන්
සටන් කරන්න බැරිද?

565
00:41:50,440 --> 00:41:52,196
මම ඇයි ඔයා වෙනුවෙන් සටන් කරන්නේ? ආ?

566
00:41:52,521 --> 00:41:56,560
ඔයා මගේ ගෙදර, මගේ දෙමව්පියෝ,
මගේ මුළු ජීවිතේම විනාශ කළා!

567
00:41:59,520 --> 00:42:01,441
ජස්සි! ජස්සි!

568
00:42:06,760 --> 00:42:08,479
- මෙතනින් ඉන්න.
- හරි.

569
00:42:26,520 --> 00:42:27,639
ඔයාට කොහොමද, අම්රිතා?

570
00:42:49,360 --> 00:42:51,240
අපිට තව බස් එකක්
හම්බවෙන එකක් නෑ, පුතේ--

571
00:42:51,320 --> 00:42:53,800
ඊළඟ එකේ යමු අම්මේ.
හැම විනාඩි 15කට සැරයක්ම බස් එකක් තියෙනවා.

572
00:43:00,800 --> 00:43:01,800
මම ඉක්මනට එන්නම්.

573
00:43:14,439 --> 00:43:15,439
ඔයාට මොනවද ඕනේ?

574
00:43:16,559 --> 00:43:20,240
ඔයාට විඳින්න වුණු දේවල් ගැන
මම ගොඩක් කණගාටු වෙනවා.

575
00:43:23,080 --> 00:43:24,840
ඔයා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා...

576
00:43:25,083 --> 00:43:27,880
අනික ඔයාගේ යාළුවා වෙලත්,
මට ඒක පෙනුණේවත් නෑ.

577
00:43:28,320 --> 00:43:30,200
මට කිසිම වැරැද්දක් වුණේ නෑ.

578
00:43:31,433 --> 00:43:33,433
බාප්ජි මට
ශක්තිය කියන තෑග්ග දුන්නා.

579
00:43:35,360 --> 00:43:37,360
මම දන්නවා ඔයා බයවෙලා ඉන්නේ කියලා.

580
00:43:38,432 --> 00:43:39,591
මාත් බයවෙලා ඉන්නේ.

581
00:43:41,280 --> 00:43:44,360
ඒත් අම්රිතා, ඔයාට වෙලා තියෙන දේට වඩා
නරක දෙයක් තවත් වෙන්න නෑ.

582
00:43:46,266 --> 00:43:48,306
ඉදිරියට එන්න. ඇත්ත කතා කරන්න.

583
00:43:50,720 --> 00:43:54,720
අදටත්, මේ මොහොතෙත්,
ගතවෙන හැම තත්පරේකම...

584
00:43:56,800 --> 00:43:59,479
එයාගේ ඇඟිලි මගේ ඇඟ ඇතුළේ තියෙනවා වගේ
මට දැනෙනවා.

585
00:44:28,079 --> 00:44:29,439
සංගීතාට කතා කරන්න.

586
00:44:43,280 --> 00:44:44,719
බාප්ජි, මට කතා කළාද?

587
00:44:45,680 --> 00:44:46,841
ඔයා එයාලට දැනුම් දුන්නේ නැද්ද?

588
00:44:47,960 --> 00:44:51,360
මම පැහැදිලිවම කිව්වා
ආශ්‍රමය වහලා තියෙන්නේ කියලා,

589
00:44:51,559 --> 00:44:54,199
අනික කාටවත් සබුරි එකට
එන්නවත් යන්නවත් බෑ කියලා.

590
00:44:54,599 --> 00:44:57,639
මම එයාලට කිව්වා,
ඒත් එයාලා අහන්නේ නෑ.

591
00:44:58,639 --> 00:44:59,639
එයාලව නවත්තන්න.

592
00:45:01,400 --> 00:45:04,440
දෙමව්පියෝ තමන්ගේ ළමයින්ව ගෙදර එක්කන් යන එක
අපි කොහොමද නවත්තන්නේ?

593
00:45:13,360 --> 00:45:16,199
ඔයාගේ දුව
ඔයාට වඩා ගොඩක් බුද්ධිමත්.

594
00:45:56,400 --> 00:45:58,800
- ඔයාට හොඳයි නේද?
- ඔව්, මම හොඳින්.

595
00:45:59,480 --> 00:46:01,960
මේක මත්ද්‍රව්‍ය නඩුවක්.
මේක ගොඩක් ඇදෙයි.

596
00:46:02,519 --> 00:46:04,800
කමක් නෑ. අපි මොනවාහරි කරමු.

597
00:46:19,119 --> 00:46:22,000
සලෝනි, හැමතිස්සෙම මතක තියාගන්න...

598
00:46:22,480 --> 00:46:25,480
පරිත්‍යාගය තමයි
පක්ෂපාතීකමේ නියම පරීක්ෂණය.

599
00:46:32,159 --> 00:46:35,759
ඔයා අද ඉගෙනගත්ත දේ
ඔයාගේ අම්මාට කියන්න.

600
00:46:38,920 --> 00:46:41,891
නියම පක්ෂපාතීකම ඔප්පු කරන්න පුළුවන්
පරිත්‍යාගයකින් විතරයි.

601
00:46:43,320 --> 00:46:45,119
කශ්‍යප් අයියා කළා වගේ.

602
00:46:45,679 --> 00:46:49,679
අනික පරිත්‍යාගයක් කරන්න බැරි කෙනා තමයි
ලොකුම ද්‍රෝහියා.

603
00:46:53,719 --> 00:46:57,237
ඉතින් සලෝනි, ඔයාට කවුරු වෙන්නද ඕනේ?

604
00:46:57,320 --> 00:46:58,450
හ්ම්?

605
00:47:01,559 --> 00:47:02,735
පක්ෂපාතී කෙනෙක්.

606
00:47:02,759 --> 00:47:27,759
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

